Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හදිසිඅනතුරුවලදී මුහුණ ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන්කොළඹ ජාතික රෝහලටඇතුළත්වන රෝගීන්ගෙන් 80෴ක්මපිරිමි පුද්ගලයන් බවත්, ඉන් බහුතරය අවුරුදු 20ත්, 45ත් අතර පිරිස් බවත් ශ්‍රීලංකා මුඛ හනුක හා වක්ත්‍රවෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙම අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු නිසා ඇති වන බවත්, මාර්ග නීති නොපිළිපැදීම ඒවාට ප්‍රධාන හේතුව වී ඇති බවත් එම සංගමය සඳහන් කරයි. ලෝක මුඛ හනුක හා වක්ත්‍ර වෛද්‍යවරුන්ගේ දිනය^ වෙනුවෙන්) ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුඛ හනුක හා වක්ත්‍ර විශේෂඥ වෛද්‍ය සී. ප්‍රසාන්ත මහතා පවසා සිටියේ,

හදිසි අනතුරුවලින් මුහුණට හානි වූ රෝගීන්ජාතික රෝහලට ඇතුළත්වීමේදී 80෴ක් ම ඉන්නේ පිරිමි අය. මේ අයගෙන් බහුතරයක් යතුරුපැදි අනතුරු නිසයි රෝහල්ගත වෙන්නේ. මෙම මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු ලෙස අපි දකින්නේ මාර්ග නීති නොපිළි පැදීමත්, මත්පැන් භාවිත කර වාහන ධාවනය කිරීමත් යන ඒවායි.මීළඟට ත්‍රිරෝද අනතුරු නිසායි රෝගීන් ඇතුළත් වෙන්නේ. ත්‍රිරෝද රථවල බහුලවම අනතුරට ලක්වෙන්නේ මගීන්. ඊට හේතු අපි සොයා බලද්දී දැක්ක දෙයක් තමයි මගීන් ගමන්කරන ආසනය නිසි පරිදි ඇන යොදා සවි නොකර තිබීම. මෙවැනි අවස්ථාවක මගීන් හොඳින් අල්ලාගෙන සිටියත් ආසනය සමග ඉදිරියට විසිවී මුහුණට හානි සිදුවෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ අනතුරුවලදී අනතුරට පත්වෙන්නේ කුඩා ළමයින්. ඔවුන් ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වෙද්දි එළියට විසිවීමක් සිදුවෙනවා* යනුවෙනි.

මුහුණ ආශ්‍රිතව සිදුව ඇති අනතුරු සම්බන්ධයෙන් රෝහල්ගත වන කාන්තා රෝගීන් පිළිබඳ සලකා බැලීමේදී බහුතරයකගේ මුහුණුවලට හානි සිදුව තිබෙනුයේ ගෘහස්ථ හිංසනය හේතුවෙන් බවද වෛද්‍යවරයා පවසා සිටියේය.(WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.