මොරගහකන්ද සියයට 98ක් පිරෙයි
- 2019-12-23 11:47:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.
අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට මේ දිනවල විශාල ජල ප්‍රමාණයක් ලැඹෙමින් පවතින බවද මේ වන විට ජලාශයේ මුහුදු මට්ටමේ සිට 184 . 55 ක ජල ධාරිතාවක් පවතින බවත් මුහුදු මට්ටමේ සිට ජලාශයේ උපරිම ජල ධාරිතාවය 185 බව කාර්යභාර ඉංජිනේරු පී. එස. බණ්ඩාර මහතා සඳහන් කළේය.
තවදුරටත් වර්ෂාව පැවැතුනහොත් හා බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ජලය ලැබුනහොත් ස්වයංක්‍රීයව වාන් දොරටු විවෘත වීම සිදුවන බවද ඉංජිනේරුවරයා පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments