Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේදී අදාළ කියතත් රැගෙන පෙබරවාරි 28දාට පෙර තමා පදිංචි පොලිස් ස්ථානයට පැමිණියයුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ලියාපදිංචි කිරීමට අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් පසු මූලිකකටයුතු සිදුකර අදාළ කියතේ අනුක්‍රමික අංකයක් සහිත ස්ටිකරයක් ඇලවීම සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අදාළ ස්ටිකරය ආරක්‍ෂක අමාත්‍යාංශයවිසින් පොලීසියට ලබාදී තිබෙන බවත්, නීතිවිරෝධී ආකාරයට ගස්කැපීමවළක්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට අනුව දිවයිනතුළ තිබෙන ඕනෑම ආයතනයක හෝ පුද්ගලයෙකු සතු ගස් කැපීමට භාවිත කරන යාන්ත්‍රික කියත් අදාළ බලප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

සියලු යාන්ත්‍රික කියත් ලබන 28 වැනිදා දක්වා ලියාපදිංචි කිරීම සිදුකරන බවත්,පොලිස් ස්ථානයෙන් ලබාදෙන අයදුම්පතපුරවා යළි ලබාදීමෙන් පසු තොරතුරු පරීක්‍ෂා කර, පොලිස් ස්ථානයේ ලේඛනයට ඇතුළත් කර ලියාපදිංචි කිරීමේ බලපත්‍රයලබාදෙනබවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.(WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.