යුද හමුදාවේ 61ක් දකුණු සුඩානයට
- 2019-07-03 13:53:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.
ලුතිනන් කර්නල් රොහාන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 50 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායම මේ වනවිට දකුණු සූඩානයේ රාජකාරියේ නියුතු 62 දෙනෙකුගෙන් යුත් සාමාජිකයන් එම රාජකාරියෙන් මුදවා රාජකාරී භාරගැනීමට නියමිතව ඇත.
ඒ අනුව, 5 වන අදියර යටතේ දකුණු සුඩානයේ සිය රාජකාරී කටයුතු නිම කළ කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව අද (3) දින නැවත දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments