රත්‍රං ගවේෂණයට විදෙස් අවධානය
- 2019-08-02 12:56:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශ ආයෝජනයන්හි අවධානය යොමුව ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා 'අද'ට පවසා සිටියේ, උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසුව එම ප‍්‍රදේශ මායිම් ගම්මානවල ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ආයෝජන මණ්ඩලය හරහා මේ වනවිට විදේශ ආයෝජන ලැබෙනමින් පවතින බවයි.
ඒ අනුව රත්‍රං ගවේෂණය සඳහා සේරුවිල, මතුගම, පැලවත්ත යනාදී ප්‍ර‘දේශ සඳහා විදේශීය ආයෝජනයද ඇතුළුව ගවේෂණ බලපත‍්‍ර සඳහා මේ වනවිට ඉල්ලුම් පත‍්‍ර ලැබෙමින් පවතින බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙලෙස ඉල්ලුම්පත් ලැබුණද තවදුරටත් ඒ පිළිබඳ අධ්‍යයනයන් සිදුකළ යුතු වන බවයි.
ශ්‍රී ලංකාව තුළ රත්‍රං කැණීම සඳහා රජය මගින් නීත්‍යනුකූල බලපත‍්‍ර ලබාදීම බි‍්‍රතාන්‍ය යුගයේ සිට සිදුකර ඇත. එහිදී මෑතකාලය පිළිබඳ අවධානය යොමු කිරීමේදී 1990 වර්ෂයේදී පමණ ඇඹිලිපිටිය ආසන්න කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයේ සහ 2012 වර්ෂයේදී කැලණි ගඟ ආශ‍්‍රිතව රත්‍රං කැණීම සඳහා බලපත‍්‍ර 200ක් පමණ ලබාදී තිබේ. මෙම බලපත්‍ර ලබා දීම භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුවේ.
Reply To:
Name - Reply Comment
0 Comments