රනිල් ජයවර්ධන එංගලන්තයේ වෙළඳ ඇමති ධුරයට

2025 මැයි මස 02 ප.ව. 08:03 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බොරිස් ජොන්සන්ගේ සමීපතම සගයෙකු වන එක්සත් රාජධානියේ වෙළඳ ඇමති කොනෝර් බර්න්ස් මහජනතාව බිය ගැන්වීමට උත්සාහ කළ බවට වන චෝදනා හේතුවෙන්  ජයවර්ධන මහතා අඟහරුවාදා ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවට උසස් කර තිබේ.

ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දින හතක අත්හිටුවීමක් හේතුවෙන් බර්න්ස් මහතා සඳුදා සිය ධුරයෙන් ඉවත්ව ගියේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...