රාජකීයයේ නවිඳ හැදූ ‘‘අන්ධ මාර්ගෝපදේශකයා
- 2018-11-12 13:57:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ගමන් බිමන් යාමේදී හා සමාජයේ එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී අන් අයගේ සහය අවශ්‍ය වේ. මෙය ඔවුන්ගේ ආත්ම අභිමානයට මහත් ගැටලුවකි. දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ස්වාධීනව එදිනෙදා කටයුතු කර ගැනීමට හැකිවන පරිදි නව නිපැයුමක් වන ‘‘%අන්ධ මාර්ගෝපදේශකයා’ නිර්මාණය කිරීමට කොළඹ රාජකීය විදුහලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නවිඳ මින්දිය කරුණාසිංහ ශිෂ්‍යයා සමත් වී ඇත. තම නව නිර්මාණය පිළිබඳ නවිඳ ‘විජය’ පුවත්පතට අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.
කුඩා උපකරණයක්
මෙම නව නිපැයුම සුදු සැරයටියට සවිකළ හැකි කුඩා උපකරණයක් වන අතර එය පහසුවෙන් භාවිත කළ හැකිය. මේ සඳහා භාවිතවන මෘදුකාංගය තමාගේ ජංගම දුරකතනයට බා ගත යුතුය. වර්ථමානය වන විට ජංගම දුරකථනයෙන් සියලුම සේවාවන් කළ හැකි තත්ත්වයකට පත්ව තිබෙන අතර එය ඉතා ලෙහෙසියෙන් හැසිරිය හැකිය. ඒ වගේම දෘෂ්‍යාබාධි පුද්ගලයන් අතර ජංගම දුරකථනය බෙහෙවින් ජනපි‍්‍රය වී තිබෙනවා.
පහසුකම් රැසක්
එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීමට අවශ්‍යවන පොදු ස්ථානවන රෝහල, පාසල, බස් නැවතුම ආදී බාහිර ස්ථාන මෙන්ම ගොඩනැගිල්ලක් තුළ ඇති පොදු ස්ථානවන ආපන ශාලාව, වැසිකිළිය, විදුලි සෝපානය ආදී ස්ථාන හඳුනා ගැනීමට මෙම නව නිපැයුමට හැකියාව තිබෙනවා. තවද විශේෂයෙන් සුපිරි වෙළෙඳසැල් තුළ ඇති භාණ්ඩ තිබෙන ස්ථාන හඳුනා ගැනීමට හා එම භාණ්ඩවල මිල ගණන් දැන ගැනීමට ද හැකියාව තිබෙනවා.
අවශ්‍ය ප‍්‍රධාන පොදු ස්ථාන හෝ ගොඩනැගිල්ල තුළ දත්ත ඇතුළත් කළ RF බොත්තම් (Radio Frequency tags) සවිකළ යුතුයි. එවිට දෘෂ්‍යාබාධිත පුද්ගලයා නව නිපැයුම සවිකරන ලද සුදු සැරසැටියක් භාවිත කර එම ස්ථාන අසලට ගිය විට ඔහුගේ ජංගම දුරකථනයෙන් එම ස්ථානය පිළිබඳ විස්තර හෝ වෙළෙඳසැල තුළදී මිලගණන් හා කාණ්ඩයේ නම ප‍්‍රකාශයට පත් කරනවා. එවිට දෘෂ්‍යාබාධිත පුද්ගලයාට අවශ්‍ය ස්ථානයට යාමට හෝ තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අන් අයගේ ආධාර නොමැතිව කරගත හැකියි.
ශූරතාව
‘‘අන්ධ මාර්ගෝපදේශකයා’ නව නිර්මාණයට මෙම වසරේ ආසියා කලාපීය ‘zJunior EinstineZ තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම 2017 වසරේ ශ්‍රී ලංකා ඉංජිනේරැ සංගමය විසින් පත්වන ලද සමස්ත ලංකා තරැණ නව නිපැයුම්කරැ තරගයේ 3 වන ස්ථානය ද හිමිවුණා.
Reply To:
Name - Reply Comment
0 Comments