රාජ්‍ය ආයතනයක විශාලම සූර්ය පැනල පද්ධතිය විභාග දෙපාර්තමේන්තුවට
- 2018-04-25 12:59:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීම අද (24දා) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරුණි.
කිලෝ වොට් 250ක ධාරිතාවක බලශක්තියකින් යුත් මෙම බල ශක්ති ව්‍යාපෘතිය මේ වන විට රාජ්‍ය ආයතනයක ඉදිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය ලෙස දැක්විය හැකිය.
මෙම සූර්ය බල ජාල පද්ධතිය සූර්ය පැනල හත්සිය පනහකින් සමන්විත වන අතර, මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 28.5කි. මෙම සූර්ය බල ජාල පද්ධතිය මගින් මෙගාවොට් පැය 30ක බල ශක්තියක් ජාතික විදුලි ජාලය වෙත මාසිකව නිකුත් කිරීමට අපේක්ෂිතය.
රුපියල් මිලියන අට ඉක්ම වූ වටිනාකමකින් යුත් විදුලි බල ශක්ති ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවන මෙම සූර්ය පැනල පද්ධතිය පිහිටුවීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාසික විදුලි වියදම රුපියල් ලක්ෂ 8කින් පමණ අඩුකරගත හැකි බවට අපේක්ෂා කෙරේ.
වාර්ෂිකව මෙට්‍රික් ටොන් දෙසීයක පමණ අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එක්වීම මෙම සූර්ය බල ජාල පද්ධතිය පිහිටුවීම නිසා වැළකී යන බවත්, එය විශාල වෘක්ෂ පන්සියයක පරිසර කාර්යභාරයට සමාන කළ හැකි බවත් පරිසරවේදීන්ගේ අදහසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments