Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස බිනර ජයවර්ධන මහතා අද (28දා) පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී වැඩ බාරගනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර එම සංස්ථාවේ 20 වැනි සභාපතිවරයා ලෙස  වැඩබාර ගත් බිනර ජයවර්ධන මහතා දිස්ත්‍රික් 306 C-2 සිංහ සමාජයේ උප සිංහාධිපතිවරයා ලෙසද කටයුතු කරයි.

එම සංස්ථාවේ වැඩ බාර  ගනිමින් මේ වන විට අතිශය පාඩු ලබන තත්ත්වයක පවතින මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා ඉක්මනින්  ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බවත් මේ වසර  අවසන් වීමට පෙර එහි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන අතර පවතින සම්පත්වලින් උපරිම කාර්යක්ෂම සහ ඵලදායි සේවාවන් රැසක් ඉටු කිරීමට නායකත්වය ගැනීමටත් , සේවක සුභ සිද්ධිය සහ සුභ සාධනය ඉහළ නැංවීමටත් තම පාලන සමය තුළ බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.