රාජ්‍ය වෙසක් උත්සවය තොටගමු විහාරයේදී
- 2019-03-20 13:00:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේදි රජ්‍ය වෙසක් උත්සවය (ශ්‍රී බුද්ධ වර්ෂ 2563) මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතය. මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි භෞතික සම්පත් සංවර්ධනය, මතින් තොර අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් සමාජයක් බිහි කිරිම සඳහා ආධ්‍යාත්ඹක වැඩසටහන් පැවැත්විම හා සවිමත් ආර්ථිකයක් හා බුදු දහමින් පෝෂිත සාහිත්‍ය හා කාලාවේ ප්‍ර බෝධයක් ඇති කිරිමේ වැඩසටහන් පැවැත්වීමටත් නියමිතය.
මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments