රාවණ 01 චන්ද්‍රිකාව 17 දා කක්ෂ ගත කරයි
- 2019-06-04 13:13:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී නිර්මාණය කර දැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
“නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමකට (Cooperate Research Agreement) එළඹුනා. මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා එක් පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමිවුණා.
ඊට අමතරව මුදල් ගෙවන සාමාජිකයෙකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනය විසින් එම ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරිදු දයාරත්න මහතාවත් මේ කාර්යයට ඉදිරිපත් කළා. මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් පිරිණමා තිබෙනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments