Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ වාණිජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ (රින්ගින් ටෝන්) ලෙස භාවිත කරන විට ද එහි අයිතිකරුවන්ට කර්තෘභාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. 

එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්ෂයන් තෝරා ගැනීම සඳහා පවත්වන ගීතමය තරගවලදී (රියලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිතා කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනස් කිරීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ගාස්තුවක්ද මෙම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වේ. 
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා, තාක්ෂණ පර්යේෂණ ඇමතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. (ලාකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.