Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රියෙල් මාසය දක්වා වූ හය මසක කාලයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ වී තිබේ.

ඒ අනුව ප්‍රථම සංචාරක කණ්ඩායම වූ රුසියානු ජාතිකයන් 328 දෙනෙකු රැගත් , රුසියානු ගුවන් සේවයට අයත් අසූර් එයා ගුවන් සේවයේ ඉසෙඩ්.එස්.- 7749 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 10/26 දින දහවල් 11.05 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

පැමිණි සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 10 ක් ගත කරන අතර , ඔවුන් බෙන්තොට , ඇල්ල , සීගිරිය , නුවර , නුවරඑළිය , අනුරාධපුරය ආදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිතය.

සංචාරකයන් රැගත් ගුවන් යානා රුසියාවේ මොස්කව් , ඊකැතරින්බර්ග් සහ සාන්ත පීටරස්බර්ග් යන නගර වල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. අද (30දා) අලුයම 2.10 ටද එවැනි ගුවන් යානයක් ඊකැතරින්බර්ග් නුවර සිට සංචාරකයන් 325 ක් රැගෙන පැමිණි අතර , එවැනිම තවත් ගුවන් යානයක් හෙට අලුයම සාන්ත පීටර්ස්බර්ග නුවර සිට ද පැමිණීමට නියමිතය.(ada.lk)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.