ලංකාදීප පොසොන් ආලෝක පූජාව
- 2019-06-14 10:32:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වැනි වරට පවත්වනු ලබන ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ ආලෝක පහන් පූජාවේ දෙවැනි දින විදුලි ආලෝක පහන් දැල්වීම විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (16) පස්වරු 7.00ට සිදුවිය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, විජය පුවත්පත් සමාගමේ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයට පැමිණ සිටින දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධූ නදින් මෙම ආලෝක පූජාවේ විදුලි පහන් දැල්වීම සිදුවූ අතර, තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ සියලුම ස්ථාන විදුලි ආලෝකයෙන් ඒකාලෝක විය.
------------------------------------------------------------------------------------------------------------------------
සීමාසහිත විජය පුවත්පත් සමාගම 16 වන වරටත් දායකත්වය දක්වන ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ සමාරම්භක උත්සවය අද (15) පස්වරුවේ එම පූජා භූමියේ දී ආරම්භ විය.
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ උපදේශක සහ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතාගේ සහ කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පී. හැරිසන් මහත්වරුන්ගේ මූලිකත්වයෙන්‍ෙ(15) දිනයේ දී ආලෝක පූජාවෙ විදුලි පහන් දැල්වීම සිදුවිය. උත්සවයේ ආරම්භක අංගය වූ තන්තිරිමලේ සංඝමිත්තා දහම් පාසලේ සිසු දරු දැරියන් සිය දෙනෙකුට නිල ඇඳුම් සහ පාසල් උපකරණ කට්ටල බෙදාදීම සිදුවූයේ අද පස්වරු 3 ට පමණය.
තන්තිරිමලේ විහාරවාසි පූජ්‍ය සෝමානන්ද හිමි, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පේර මණ්ඩියේ ධර්මපාල හිමි යන ස්වාමීන් වහන්සේලා උත්සවයේ මුලසුන හෙබවූහ.
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (වෙළෙඳ නාම හා ප්‍රවර්ධන) සුජිත් පතිරන්නැහැ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදුලි) නලීන් නිවුන්හැල්ල, මානව සම්පත් කළමනාකාර තිස්ස කහඳවලආරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගබඩා) නිමල් වික්‍රමසිංහ, ආරක්ෂක උපදේශක විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී පිරිස් යන මහත්වරුන් ඇතුළු විජය පුවත්පත් සමාගමේ සේවක මහත්වරු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.
ඡායාරූප ඉෂාන් සංජීව
ධර්ම දේශනා මාලාව
ආලෝක පූජාවට තන්තිරිමලය සුදානමින්
ඡායාරූප- අසංක ආටිගල
Reply To:
Name - Reply Comment
0 Comments