ලංකාවෙන් ලෝකයට නව පඳුරු මැඬි විශේෂයක්
- 2019-02-06 11:28:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර දිස්ත්‍රික්කයේ දෙදියගල රක්ෂිතයෙන් මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව පඳුරු මැඩියකු ලෝකයට හඳුන්වාදුන් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ 2013 වර්ෂයේ දී වනජීවී දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව දෙදියගල රක්ෂිතය ආශ්‍රිතව කරන ලද පාරිසරික අධ්‍යයනයක දී මෙම නව සත්ත්ව විශේෂය සොයාගත් බවයි. ශ්‍රී ලංකාවට ආවේණික එම නව පඳුරු මැඩි විශේෂය (සියුඩොෆිලෝටස් කොනිෆි ) ලෙස නම් කර ඇත.
2013 වර්ෂයේ දී දෙදියගල රක්ෂිතයෙන් සොයාගත් මෙම මැඩියන් විශේෂය සම්බන්ධ පර්යේෂණ වාර්තාව Journal of Threatened Taxa පර්යේණ සඟරාවේ 2019 ජනවාරි 26 වැනි දින පළ වී ඇත. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සුදේශ් බටුවිට, මධුර ද සිල්වා සහ සම්පත් උඩුගම්පොළ යන පර්යේෂකයන් තිදෙනා විසිනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් මේ සත්ත්වයා ලෝකයට හඳුනාවදීමට පෙර ශ්‍රී ලංකාවේ උභය ජීවී විශේෂ 118ක් හඳුනාගෙන තිබූ අතර ඉන් විශේෂ 94ක් ශ්‍රී ලංකාවට ආවේණික බව ද තහවුරු කරගෙනන තිබිණි. මෙම නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ උභය ජීවීන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ යන අතර මෙරටට ආවේණික උභය ජීවීන් සංඛ්‍යාව ද 95ක් දක්වා ඉහළ යයි.
Reply To:
Name - Reply Comment
0 Comments