Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට තුළ මෙතෙක් වාර්තා නොවූ ට්‍රිපනසොමා (Trypanasoma)නම් සුනඛ රෝගයක් මේ වනවිට බළන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයෙන්හඳුනාගෙන ඇති අතර, මෙම රෝගය මිනිසුන්ටද වැලඳිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

මේ වනතෙක් මෙම රෝගය මෙරටින් සොයාගෙන නොමැති අතර, මෙම ට්‍රිපනසොමා (Trypanasoma) නම්රෝගය මිනිසුන්ටද වැලඳීමේ හැකියාව ඇති බවත්, මෙම රෝගය අප්‍රිකානු රටවල මිනිසුන්ට වැලඳී ඇති බවට සාක්ෂි තිබෙන බවත්මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඇස්වල රෝගයක් වැලදුණු ඇල්ශේෂන් වර්ගයේ සුනඛයෙකු මීට මාසයකට ප්‍රථම බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු විසින් මෙම සුනඛයා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලේදී රුධිර සාම්පල පරීක්ෂා කිරීමට ලක්කිරීමෙන් අනතුරුව ට්‍රිපනසොමා (Trypanasoma)රෝගය වැලඳී ඇති බව තහවුරු කරගෙන තිබේ.

මීට සතියකට පෙර මුලතිව් ප්‍රදේශයෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහල වෙත ගෙන ආ සුනඛයාගේද රුධිර පරීක්‍ෂාවකින් අනතුරුව  මෙම ට්‍රිපනසොමා (Trypanasoma) රෝගය වැලඳීතිබූ බවට හෙළි වී තිබේ.

මෙම රෝගය බෝ කිරිමට දායක වන වාහකයා වන ටෙට්සෙ (Testse Fly)නම් මැසි වර්ගය මේ වනවිට මෙරට වාර්තාවී නොමැති අතර, මෙම වාහකයා වෙනත් සතෙකු විසින් ගෙනයන බවත්,කියුලෙක්ස් (Culex)නම් මදුරුවා සහ රාත්‍රියට පමණක් එළියට පැමිණෙන කිසින් බග් (Kissing Bug)නමැති සතාගෙන් මෙම වාහකය පතුරුවන බවට දැනට සැක කරන බවත් දංගොල්ල මහතා සඳහන් කළේය.

මෙම රෝගය පතුරුවන්නේ ටෙට්සෙ (Testse Fly)මැස්සාද, කියුලෙක්ස් මදුරුවා හෝකිසින් බග්ද යන යන වග තහවුරු කරගැනීමට පරීක්ෂණ අරඹා ඇති බවද ඔහු කීය.

ව්‍යායාම නොකර අලසව සිටිම,ඇස් පෙනීම දුර්වල වී නිලංකාර වීම, ඇස් සුදුපාට වීම වැනි රෝග ලක්ෂණ ආදිය මෙම රෝගය සුනඛයෙකුට වැලඳී ඇති බවට දැනගැනීමේ රෝග ලක්ෂණ වන අතර, මෙම රෝගය වැලඳී ඇති අප්‍රිකානු රටවල මිනිසුන්ගේ සමේ රෝග ඇති වීමක් වාර්තා වීඇති අතර, සුනඛයන් මගින් මිනිසුන්ට ඇතිවන රෝග අතරට මෙම රෝගයද එක් වී ඇතැයිද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට මෙරට මිනිසුන්ට මෙම රෝගය වැලඳී ඇති බවට වාර්තාවී නොමැති අතර,මෙවැනිම රෝගයක් වන බ්‍රසැල්ලොසිස් රෝගය වැලඳුණු විට රෝග ලක්ෂණ සරල වන බවත්, මෙම රෝගයේ බරපතළ රෝග ලක්ෂණ නොමැති නිසා ප්‍රතිකාර නොකරන අතර රෝගයට ප්‍රතිකාර ගන්නා අවස්ථාව වනවිට රෝගය විශාල වශයෙන් පැතිරෙන්නට ඉඩ ඇති බවත් දංගොල්ල මහතා පැවසීය.

මෙම රෝගය හා රෝග වාහකයා වන මැසි මදුරුවන් ගැන අරඹා ඇති පරීක්ෂණ අවසන් වූ පසු සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන බවත්, තම නිවෙස්වල හා අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ගේ ඇස්වල යම් ලෙඩක් දුටුවහොත් ළඟම ඇති පශු වෛද්‍යවරයාට පෙන්විය යුතු බවත් පැවසූ මහාචාර්යවරයා මෙම රෝගය සඳහා ප්‍රතිජීවක ඖෂධ තිබෙන අතර, ප්‍රතිකාර කිරීමට නොහැකිනම් වහාම පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට සුනඛයා ගෙන රැගෙන එන ලෙසද අසෝක දංගොල්ල මහතා ඉල්ලා සිටියේය.

චමිල් රූපසිංහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.