Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් එම වැඩපිළිවෙලට සහාය දැක්වීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කෙරිණි. අද විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයේ පරිලෝකන කොටස (Scanner) හැරුණු විට අනෙක් සියලු කොටස් සහ එහි වැදගත්ම කොටස වන මෘදුකාංගය ද ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය වීම විශේෂත්වයක්. කෘත්‍රීම අත් පා සහ අනෙකුත් ශරීර කොටස් වලට අමතරව ඇතැම් වෛද්‍ය උපකරණ ද මෙම යන්ත්‍රය මගින් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඇත.

1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (Plaster of Paris) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදු කරන ලදී. අද දින විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් අදාළ රෝගීන්ට සුවිශාල සේවාවක් සැපයෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ හරහා රෝගීන්ට තම සිරුරට 100% ක්ම ගැළපෙන අවයවය නිර්මාණය කර ගත හැකිය. මින් පෙර භාවිත කළ තාක්ෂණයට වඩා ඉතා උසස් තාක්ෂණ ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කෙරේ. පැරිස් බදාම මගින් මෙම නිර්මාණය සිදු කරන්නේ නම් ගත වන කාලය සති 3 කට අධිකයි. නව ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් සිදු කරන එක් නිර්මාණයක් පැය 4 ක වැනි කාලයකින් සම්පුර්ණ කර ගැනීමේ හැකියාව පවතී.(අද පුවත්පත)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.