ලංකාවේ පාසලක පළමු සුහුරු පංති කාමර ශ්‍රේණිය ජයවර්ධනපුර පිරිමි විදුහලේ
- 2019-01-30 15:19:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පාසලක් තුළ පළමු වරට එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරීම පෙබරවාරි 07 දා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විදුහලේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව එම විදුහලේ අට වැනි ශ්‍රේණියේ සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පරිවර්තනය කිරීමට නියමිතය.
2017 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පන්ති කාමර (smart classroom) වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ ආරම්භ කරනු ලැබුයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගිනි.
එහි තිබෙන සාර්ථකත්වය අනුව මෙසේ එම වැඩසටහන පුළුල් කර තිබේ. මෙහි ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය ටැබ් පරිගණක හරහා සිදුවෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා “පෙබරවාරි 07 වනදා සිට ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ පාසලක එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම සුහුරු පන්ති කාමර බවට පත්වීම මෙහිදී සිදුවෙනවා.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මා වෙත සහයෝගය ලබාදෙන කෝඩ්ජෙන් සමාගමටත්, අධ්‍යාපන අමාත්‍යංශයටත්, ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු විද්‍යාලයේ සියළු දෙනාටත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර කරන සියළුම දෙනාටත් මා ස්තූතිවන්ත වෙනවා.”
Reply To:
Name - Reply Comment
0 Comments