ලංකාවේ පාසල්වලින් සියයට 25කට ප්‍රමාණවත් වැසිකිළිි පහසුකම් නෑ
- 2018-11-19 20:30:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාවේ පාසල් වලින් 25%කට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නැතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. මෙම ප්‍රමාණයෙන් 0.7%කට ප්‍රමාණයකට කිසිසේත්ම වැසිකිළි පහසුකම් නොමැති බවද එම කාර්යාංශය පෙන්වාදෙයි.
ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ වැසිකිළිපහසුකම් පිළිබඳ කිසිදු වාර්තාවක්නොමැති බවත්,එහෙත් තිරසාර සංවර්ධන අරමුණු අනුව සැමට වැසිකිළි සැපයීමට රාජ්‍යයන් බැඳී සිටින බවද එම කාර්යාංශයේ නිලධාරියෙක්සඳහන් කළේය.
පවතින තත්ත්වයට අනුව පාසල්වල වැසිකිළි පහසුකම් වැඩි කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවද එම කාර්යාංශයපෙන්වා දෙයි.
ලෝක වැසිකිළිදිනය අදට (19දා) දිනට යෙදී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙන තිරසාර සංවර්ධන අරමුණුවලට අනුව සැමට වැසිකිළිසැපයීමට රටවල් බැඳී සිටියත් ලෝකයේ ජනගහනයෙන් බිලියන 4.5කට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති බවටත්,මිලියන 892ක් එළිමහනේ මලපහ කරන බවටත් හෙළි ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments