Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මදුරුවන් බෝ නොවන ආහාර බඳුන් නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඞ් තරඟයේ දී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට තේරි පත් වූ ගොකරැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා ඊයේ (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

නිර්මාණශිලිත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් ගෝලීය නායකත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඞ් තරඟය පසුගිය ඔක්තෝබර් 05 සහ 06 දිනවල කොරියාවේ සෝල් නුවර දී පැවත්වුණු අතර රටවල් 37 ක් නියෝජනය කරමින් නිර්මාණකරුවන් 400කට අධික පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

එහිදී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට තේරි පත්වෙමින් විශේෂ සම්මානයක් සහිත රන් පදක්කමක් දිනාගැනීමට පසිදු මිහිරාන් සිසුවා සමත් වූ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව පරිගණකයක් ප්‍රදානය කිරීමට ද කටයුතු  කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.