Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට  ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.   ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දෙමින් මෙම ධූරයට පත්ව ඇත්තේ මේ වනවිට  මිනසෝටා ප්‍රාන්තයෙහි පදිංචිව සිටින ගම්පහ, මාදෙල්ගමුව, බටපොත පදිංචිව සිටි නිලූෂි රණවීර මහත්මියයි. ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මැය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුලත්ව නීති උපාධිය ලබා 2005 වසරේ අමෙරිකාවට ගොස් ඇති අතර 2006 වසරේදී  මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අනතුරුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේදී නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇත. 
 
පසුව එහි රජයේ විනිසුරුවරියක්  යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති නිලුෂි මහත්මියට ඉකුත් මස 23 වෙනි දින මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරයට පත් කර තිබේ.  මේ වනවිට සිය සැමියා වන එරන්ද ලියනපතිරණ මහතා සහ අකේන් සහ ක්‍රිෂේන් යන පුතුන් දෙදෙනා සමග නිලුෂි රණවීර මහත්මිය අමෙරිකාවේ පදිංචිව  සිටින්නීය. කම්කරු දෙපාර්තමේන්තුවෙහි විශ්‍රාමික කම්කරු කොමසාරිස් වරයෙකු වන සරත් වීරසිංහ මහතාගේ සහ විශ්‍රාමලත් ගුරු මහත්මියක වන (ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලය ) ඉන්ද්‍රාණි රණවීර මහත්මියගේ තෙවන දියණිය වන නිලුෂී මහත්මිය මේ වනවිට 42 වන වියෙහි පසුවන්නීය.  

ඇය අමෙරිකාවේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අප පුවත් පතට අදහස් දැක්වූ අතර මෙහිදී තමන්ට මෙවන් ස්ථානයක් කරා ළඟාවීමට මග පෑදූ මව, පියා මෙන්ම විදූෂි සහ මහීෂි යන වැඩි මහල් සොයුරියන් දෙදෙනාත් , තම මාමා ගුණසිරි සිල්වා මහතා  සහ නැන්දා අනෝමා ලියනපතිරණ මහත්මිය මෙන්ම ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ විදුහල්පතිනියකව සිටි නෙලී හෙලන් මව්තුමිය සහ තම ආත්ම විශ්වාසය ගොඩනැගූ යසෝදරා බාලිකාවේ විදුහල්පතිනියකව සිටි සද්ධා අබේසේකර මහත්මියත් දැඩි භක්තියෙන් යුතුව සිහිපත් කර සිටින බවත් ප්‍රකාශ කළාය.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.