ලොක්ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණයට හමුදාවෙන් ඩ්‍රෝන කැමරා
- 2020-04-15 23:25:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස අද (15) සවස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුණු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සඳහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතාගෙන් ඒ සඳහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එසේම අද මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය භාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments