Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෑගල්ල ව්‍යාපෘතිය මගින් වට්ටාරම ශ‍්‍රී අරහන්ත රජමහා විහාරයේ සිදුකළ කැණීම් තුළින් මෙම පුරාවස්තූන් හමු වී ඇත. මෙම පුරාවස්තූන් අතර ඇති මුරකරුවෙකුගේ හෝ වාමන ප‍්‍රතිමාවක් යැයි අනුමාන කරන ලෝකඩ මූර්තිය සෙ.මී. 4.5 උස් වන අතර දෙපසට විහිදා ගත් දෙපාවලින් යුක්තව සිටින ආකාරයක් දක්වයි. දකුණු අතින් දණ්ඩක් වැනි යමක් දරා සිටින අතර වම් අත කැඞී ගොස් ඇත. කන් දෙකෙහි විශාල කර්ණාභරණ දෙකක් හා ගෙලෙහි මාලයක් ද පළදා ඇත. පොළවේ සිට මීටර් 1 ක් පමණ ගැඹුරකින් මෙය හමු වී තිබේ.
එම ස්ථානයට නුදුරින් හමු වූ ඇතුන් දෙදෙනෙකු නිරූපනය කරන ලෝහමය රුව සුවිශේෂී නිර්මාණයකි. එම ඇතුන් දෙදෙනා නිර්මාණය ඇත්තේ එකට ඈදා ඇති පරිද්දෙනි. ඔවුන්ගේ පාද, හොඩ, වල්ග, කන් ආදිය පැහැදිලිව දැකගැනීමට පුළුවන. මෙහි උස සෙ.මී. 2.2 ක් පමණ වන අතර මෙවැනි ඇත් රූප හමු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
මෙම කැණීම් අතරතුරදී ඉපැරණි කාසි 24 ක් පබ`ඵ 16 ක් හා මැටි බ`දුන් කැබලි ද පැරණි ඉදිකිරීමක අවශේෂ ද හමු වී ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මෙම පුරාවස්තු පිළිබ`ද ඉදිරි පර්යේෂණ කටයුතු සිදු කෙරේ.
(මාධ්‍ය අංශ-මධ්‍යම සංස්කෘතික අරමුදල)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.