වලයාකාර සූර්යග්‍රහණය පෙනුණු හැටි
- 2019-12-26 14:47:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 10කට පසුව ශ්‍රී ලංකාවේ අපට දර්ශනය වන වලයාකාර සූර්ය ග්‍රහණය අද පෙරවරුවේදී දැකගැනීමට හැකිවිය. පෘථිවියත් සූර්යයාත් අතරට චන්ද්‍රයා පැමිණීමෙන් මෙලෙස සූර්යග්‍රහණයක් ඇති වෙයි. එහෙත් මෙම අවස්ථාවේදී චන්ද්‍රයා පෘථිවිය හා එතරම් සමීප නොවීම නිසා මෙලෙස වලයාකාර සූර්ය ග්‍රහණයක් දැක ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව උදා විය. සූර්යග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයා වටා සූර්යයාගේ ආලෝකය වළල්ලක් මෙන් පිහිටීම ඊට මෙම නම ලබා දීමට හේතුවයි. එය ‘ගිනි වළල්ල‘ ලෙසින්ද හැඳින්වෙයි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය වෙත මෙය ඉතා හොඳින් දර්ශනය විය. ඒ අනුව උතුරු පළාතේ ඉරණමඩු ආශ්‍රිතව එම සූර්යග්‍රහණය දර්ශනය වූ ආකාරය මෙම ඡායාරුප වල දැක්වෙයි.
ඡායාරූප - කුෂාන් පතිරාජ
Reply To:
Name - Reply Comment
0 Comments