වසරකට ලංකාවේ සර්ප දෂ්ට කිරිම් 80000ක්
- 2019-08-16 12:22:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූදහසක් පමණ වාර්තා වන බව උරග හා උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සිය වාර්තා මගින් පෙන්වා දෙයි.
ඒ අතරින් සර්ප විෂ නිසා සිදුවන මරණ සංඛ්‍යාව හාරසියයක් බවද ඒ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 105ක් හඳුනා ගෙන ඇති අතර, ඉන් 23ක් උග්‍ර විෂ සහිත බවත්, එයින් සර්ප විශේෂ 15ක් මුහුදේ හා සර්ප විශේෂ 08ක් ගොඩබිම ජීවත්වන බවත් අදාළ වර්තාවල දැක්වේ.
ඒ අතරින් ගොඩබිම වෙසෙන කුනකටුවා උග්‍ර විෂ සහිත සර්ප විශේෂයකි. නාගයා, තිත් පොළඟා, වැලි පොළඟා සහ කරවලා වැනි සර්පයන් විෂ සහිත සර්ප විශේෂය. එහෙත් දෙපත් කළුවා විෂ සහිතද රහිතද යන්න පිළිබඳ තවමත් සොයාගෙන නොමැත.
ලොව පුරා උග්‍ර විෂ සහිත සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් 70෴ක්ම සිදුවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ පකිස්තානයේ බව සර්ප ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරුණ සමීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව වසරකට ලොව පුරා සර්ප දෂ්ට කිරීම් පනස් ලක්‍ෂයක් පමණ වාර්තා වන අතර, එමගින් සිදුවන මරණ සංඛ්‍යාව 138,000ක් පමණ වේ.
Reply To:
Name - Reply Comment
0 Comments