Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම් වලදී සොයා ගත් මැටි බදුන  වසර හයසීයත් හාරසීයත් අතර ඉපැරණි කාලයකය අයත් චීන මැටි බදුණක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පැවසීය.

මේ මැටි බදුන චීනයත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ සිට ඉතා සෘජු සබදකම් ඇති බවට ඉතාම හොද සාධකයක් බව කී පුෂ්පරත්නම් මහතා පසුගිය වසරේදී මේ ස්ථානයට නුදුරින් හමු වූ චීන කාසියද ඊට හොදම නිදසුනක් බව කියා සිටියේය.

අළුතින් හමු වූ මැටි බදුන මීට දින කීපයකට පෙර හමු වූ අතර එම මැටි බදුන පරීක්ෂා කිරීමෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේය.

චීන විශ්ව විද්‍යලයක මහාචාර්යවරයෙකු ආචාර්යවරු දෙදෙනෙකු හා පුරාවිද්‍යාඥයින් පිරිසක් චීන රජයේ වියදමෙන් යාපනය  ප්‍රදේශයේ කැණීම් කටයුතු කරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර අතීතයේ පැවති සබදකම්  පිළිබදව තොරතුරු ගවේෂණය කිරීමේ අරමුණිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.