වැඩියෙන් ජලය පානය කරන්න- පැණි බීම පානයෙන් වළකින්න- විශේෂඥ වෛද්‍ය පබා පළිහවඬන
- 2018-05-05 14:32:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ශරීරයට බලපාන සෞඛ්‍ය ගැටළු වළක්වාගැනීමට වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වලකින ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ( සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර ) වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඬන මහත්මිය පවසයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාවට බලපාන සෞඛ්‍ය ගැටළු සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් පැහැදිළි කරමින් වෛද්‍ය පබා පළිහවඬන මහත්මිය මෙම අඳහස් රජයේ නිලපුවත් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේ ය.
මෙහිදී අඳහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඬන මහත්මිය ;
මේ දිනවල පවතින අධික උෂ්ණය හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස දහඩිය ලෙස ජලය පිටවෙනවා. මේ හේතුවෙන් ශරීරයේ පවතින ජල ප්‍රමාණය අඩුවෙයි. මේ දිනවල පිරිසිදු පානීය ජලය වැඩියෙන් පානය කිරීම හොඳයි.වෙනත් පැණි බීම කිසිවක් පානය කරන්න එපා. තැබිලි වර්ග, පළතුරු යුෂ වර්ග සීනි නොඳා පානය කිරීම වැදගත්. ජලය වැඩිපුර ශරීරයට අවශ්‍යයි.
දහඩිය දැමීම නිසා ශරීරයේ බිබිලි දැමීම් වැනි අසාත්මිකතා ඇතිවිය හැකියි. කැසීමෙන් ඇතිවන තුවාල වීම් නිසා ශරීරයේ බැක්ටීරියා ආසදන ඇතිවෙන්න පුළුවන්. බිබිලි කැසීමෙන් වළකින්න. ශරීරයට හිතකර බාම් වර්ගයක්
භාවිත කිරීම වැදගත්.
දරුවන්ට ජලය අවශ්‍යයි. කුඩා දරුවෙක් නම් මව් කිරි හොඳට ලබදෙන්න. සුප් වර්ග කැඳ වර්ග වැඩි වේල් ගණනක් ලබදෙන්න.ඉන් ශරීරයට අවශ්‍ය ජලය ලැබෙනවා. වැඩියෙන් දියර වර්ග දෙනවා කියලා සීනි හා ලුණු සහිත පානයන් වැඩියෙන් ගැනීම ශරීරයට අහිතකරයි.දහඩිය තෙත් වීම නිසා දිලීර ආසාදන ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයක් තිබෙනවා නම් වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න'' යැයි විශේෂඥ වෛද්‍ය පබා
පලිහවඬන මහත්මිය ජනතා වෙත දන්වා සිටියි.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments