වැවර්ලි තරගාවලියට යන ක්‍රීඩිකාවන්ට ගුවන් ටිකට් පත්
- 2019-06-27 13:05:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්විමට නියමිත ‘වැවර්ලි’ අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩිකාවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුවන් ටිකට් පත් පිරිනැමීය.
‘වැවර්ලි’ අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය මගින් පාසල් අතරින් තෝරා ගන්නා ලද මෙම ක්‍රිඩිකාවන් සහ ඔවුන් භාර ව මෙම තරගාවලියට සහභාගී වන ගුරුමහත්ම මහත්මීන් පස් දෙනෙකු වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරණ.
2019.07.02 සිට 2019.07.05 දක්වා දින තුනක් තුළ පැවැත්විමට නියමිත මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි මස 29 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්විමට නියමිතයි.
Reply To:
Name - Reply Comment
0 Comments