Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (09) දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර, දකුණ, මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100පමණ තදවැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය - මහජනයා සඳහා කාලගුණ අනාවැකිය.

2018 ඔක්තෝබර් මස 08 දින මධ්‍යහන 1200 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාව

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තුවේ. බස්නාහිර,වයඹ, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,වයඹ, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකඅකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

------------------------------------------------------------------------------------------------------------------------------

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති නගර පිළිබඳ කාලගුණ තත්ත්වය

2018 ඔක්තෝබර්මස 07දින 1600 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාව

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. දකුණ,මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. සෙසු ප්‍රදේශ‍වල ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සවස 2.00න් පමණ පසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණ, මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100පමණ තදවැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2018-10-08
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 32 23 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 33 25 90 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 29 24 95 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 30 23 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 31 25 90 75 වැසි වාර කිහිපයක්
මහනුවර 29 20 95 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 21 13 95 80 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 29 22 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 31 24 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 30 25 95 75 වැසි වාර කිහිපයක්

 ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය 

මුහුද රළු වෙයි

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ අද දිනයේදී රළු විය හැකි බැවින් අද (8) දින ධීවර හා නාවුක කටයුතුවලදී  අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය  ක්ෂණිකව පැයට කිලෝමීටර. 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි. ගිනි කොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට සුළි සුළඟක් දක්වා වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර 2000 ක් පමණ දුරින් පවතින බව සඳහන් වේ. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. එබැවින් අරාබි මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකි සිටින ලෙස දැනුම් දී තිබෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

2018 ඔක්තෝබර් මස 08 දින මධ්‍යහන 1200 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාව

මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිසමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. ධීවර සහ නාවුක ප්‍රජාවට  මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

 දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-25 පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.