වැසි හේතුවෙන් පාසල් පැවැත්වීමේ බලය පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් වෙත
- 2018-05-21 10:09:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව අදාළ පාසලේ විදුහල්පතිවරුන්ට ආපදා තත්ත්වය හේතුවෙන් තම පාසල පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳ පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය හැකියි.
පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක පාසල් පැවැත්වීමේ කටයුතුවලට බාධා මතුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් සහ ආපදා තත්ත්වයකදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉක්මනින් තීරණ ගැනීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments