Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට රජයේ පාසල්වල අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සඳහා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් පිළිබඳ දත්ත ලබාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකිරීමට කාර්යාංශය වැඩපිළිවෙළක් සකස් කර ඇත.

දැනට මෙම දූ දරුවන්ගේ දත්ත රැස්කරමින් පවතින බවත්, එම සියලු තොරතුරු ලැබුණු පසුව ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බවත් විදේශ සේවා නියුකිති කාර්යාංශය පවසයි.

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට පාසල්වලට ඇතුළත් විය හැකි බවට විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සංගම් දැනුවත් කිරීමටත්, විදේස් රටවල තානාපති කාර්යාල මගින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමටත්, කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කිරීමටත් තීරණය කර තිබේ.

එසේම විදේශවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ මෙම දූ දරුවන් ශ්‍රී ලංකාවට පැමිණි පසු රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කිරීමට ප්‍රමාණවත් පන්ති කාමර නොමැති බව පෙනී ගොස් තිබෙන අතර, මේ සම්බන්ධව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර සාකච්ඡාක් පවත්වා ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පාසල්වලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන විදේශගත මවුපියන්ගේ දරුවන් සංඛ්‍යාව සම්බන්ධ ඇස්තමේන්තු අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදී තිබෙන අතර, ඒ අනුව ශ්‍රීධාන වශයෙන් ශ්‍රමිකයන් රැකියා කරන රටවල ශ්‍රී ලාංකික තානාපති කාර්යාලවලින් එම දත්ත ලබාදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීම් කර තිබේ.

මීට අමතරව විගමනික ශ්‍රමිකයන්ගේ/ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ දූ දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනට ලිපියක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.