විද්‍යාපීඨ බඳවා ගැනීම් දෙගුණ කිරීමට යයි
- 2018-10-09 21:30:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලුම ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අද (09දා) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබාගනිමින් දෙසැම්බර් මාසය වනවිට අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි.
මීට අමතරව, පසුගිය සමයේ විවිධ ගැටලු හේතුවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීම සම්බන්ධව වසර ගණනාවක් මුළුල්ලේ පැවැති ගැටලුව විසඳමින්, එළඹෙන වසරේ ජනවාරි මාසයේදී විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා ශික්ෂණලාභීන් ප්‍රමාණය දෙගුණ කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව, දැනට විද්‍යාපීඨ සඳහා බඳවාගත් සිසුන් 4000ක සංඛ්‍යාව 9000 දක්වා ඉහළ නැංවීමටද බලාපොරොත්තු වන බව, අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments