.
ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් මේ වසර අවසන් වීමට පෙර ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. නව හැඳුනුම්පත් සකස්කර නිවාසටම ලැබෙන්නට සලස්වන බව ද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමගම මුළුමනින්ම නතරවනු ඇතැයි ද ඒ මහතා කීය. වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකු ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.