විදුහල්පති දීමනා ඉහළට
- 2017-02-08 15:52:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් දීමනාව ඉහල නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව 1AB පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 750 දීමනාව රු. 6,500 දක්වා වැඩි කර තිබේ. 1C පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 600 දීමනාව රු. 4,000 දක්වා වැඩිකර තිබේ.
2 වර්ගයේ පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 450 දීමනාව රු. 3,000 දක්වා ඉහළ නංවා ඇත. 3 වර්ගයේ පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 300 දීමනාව රු. 2,500 දක්වා ඉහළ නංවා ඇත.
මේ අතර ධර්මාචාර්ය ගුරු සහයකයින්, වතු පාසල්වල හා උතුරු නැගෙනහිර පළාත්වල ගුරු සහයකයින් සඳහා වන රු. 6,000 ක් වන දීමනාව රු. 10,000 දක්වා ඉහළ දමා තිබේ.
සියලුම පාසල්වල පවතින ගුරු හිඟය හා ගුරුවරුන්ගේ ගැටළු සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු යොදා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments