Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ  (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ.

ගුවන්යානා 5කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බව ඇමතිවරයා සදහන් කරයි.

 මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා  නිරෝධායන සඳහා යොමුකර ඇත.ගුවන්තොටුපොල තුළ පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කිරිමේන් අනතුරුව එලෙස පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධිකය.

අද දිනය තුළ මාලදිවයින සිට ශ්‍රී ලාංකිකයන් 255ක් හා ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකුද දිවයිනට පැමිණි බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජූලි මාසය අවසන් වීමට පෙර  විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය  අපේක්ෂා කරන බවද පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.