Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව  පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.

එහි සමාප්ති අවස්ථාව අද  පස්වරුවේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ සහ සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප යන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්  ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනය විසින් ධර්ම සම්භාෂණය සංවිධාන කර තිබුණි.

පිරිසිදු ථෙරවාද ධර්ම ඥානයෙන් හෙබි මහා සඟ පරපුරක් බිහි කොට සම්බුදු සසුන අරක්ෂා කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ධර්ම විනයධර විද්වත් මහා සංඝරත්නය විසින් පවත්වන ලද දේශන හා විවෘත සාකච්ඡා මණ්ඩපයකින්  ධර්ම සම්භාෂණය සමන්විත විය.

නිර්මල බුද්ධ භාෂිතයට වැරදි අර්ථකථන දීමෙන් සිදුවන විනාශය වළක්වා මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් අසූ හාරදහසක් වූ ධර්මස්කන්දය අඩංගු ත්‍රිපිටකය සහ අට්ඨ කතා ඩිජිටල් මාධ්‍යයෙන් පන්දහසකට අධික වූ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමේ මහා පුණ්‍යකර්මය  ද අද සිදු විය.

ජනාධිපති සහ අග්‍රාමැති අතින්  ත්‍රිපිටක ටැබ් උපකරණ ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙත පූජා කෙරිණි.

සම්බුද්ධශාසනයේ උන්නතිය හා සුරක්ෂාව සඳහා වූ “විභජ්ජවාදී දස අවුරුදු සැලැස්ම” හා ලක්දිව සියලු විහාරස්ථාන වෙත නොමිලේ ත්‍රිපිටක ලබාදීම සඳහා වූ “ථෙරවාද ධර්මග්‍රන්ථ පූජා අරමුදල” පිළිබඳ යෝජනාව  ජනාධිපති සහ අග්‍රමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේ, අනුනායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක කරූ ජයසූරිය යන මහත්වරු සහ මැති ඇමතිවරු රැසක්  එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.