විභාග අපේක්ෂකයින් ජාතික හැඳුනුම්පත් සඳහා කඩිනමින් ඉල්ලුම් කරන්න

2025 මැයි මස 13 ප.ව. 10:51 - {{hitsCtrl.values.hits}}  

2018 වසර සඳහා අ.පො.ස. (සා.පෙළ )- (උ.පෙළ) විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීම සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් කඩිනමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක මහතා ඉල්ලා සිටි. 

නියමිත කාලය තුළ ඉල්ලුම්පත් යොමු කිරීම තුළින් විභාග අපේක්ෂකයින්ගේත්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේත් කටයුතු වඩාත් පහසුවේ. දැනුම්වත් කිරීම් සිදු කළ තිබුණද මේ වන විටත් ඉල්ලුම්පත් 40%කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බව කොමසාරිස්වරයා පෙන්වා දෙයි. එසේම මේ වන විටත් යොමු කර ඇති පාසල් ඉල්ලුම්පත් අතරින් ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදී ඇති චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි කියවා, අවබෝධ කොට ගෙන යොමු නොකිරීම හේතුවෙන් අඩුපාඩු සහිතව ඉදිරිපත් කර ඇත.

එනිසා අප සතුව භෞතික, මානව සම්පත් අනුව හා ඉතිරිව ඇති සීමිත කාල පරාසය තුළ ප්‍රමාද වීමෙන් තොරව හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා මෙතෙක් හැඳුනුම්පත් සඳහා ඉල්ලුම්පත් යොමු කර නොමැති, මෙවර විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ ඉල්ලුම්පත්, ලබාදී ඇති චක්‍රලේඛ උපදෙස් පරිදි නිසි ලෙස සම්පූර්ණ කර කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සඳහාසියලු පරිවේණාධිපතිවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, විභාග අපේක්ෂක පාසල් සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.

(රජයේ නිල පුවත්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...