Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය හෙට (13දා) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්  පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන ඇති අතර විශ්වෝදා විද්‍යාලය ඒ යටතේ අභිනවයෙන් ඉදිකෙරුණු පළමු අංග සම්පූර්ණ පාසලයි.

ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති විශ්වෝදා විද්‍යාලය, අංගසම්පූර්ණ සහ අති නවීන  පන්ති කාමර සෞන්දර්ය ඒකක, භාෂාගාර,  විද්‍යාගාර, පරිගණකාගාර,   සුහුරු පන්ති කාමර (Smart Class Room) ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර,පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි. 

කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදි කර ඇති මෙම  විද්‍යාලය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන1000ක් වන අතර,  මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වන මෙම පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) සිදුකිරීමට නියමිතයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.