විශ්ව විද්‍යාල සියල්ලම කෝප් කමිටුව හමුවට

2025 මැයි මස 11 ප.ව. 10:26 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාල සියල්ල වෙන වෙනම කෝප් කමිටුව ඉදිරියට කැඳවීමටත්, එකිනෙක විශ්වවිද්‍යාලවල පවත්නා ගැටලු පිළිබඳ සාකච්ඡා කර එම ගැටලු හඳුනාගැනීමටත් කෝප් කමිටුව සැලසුම්කර ඇත.

එලෙස විශ්වවිද්‍යාල සියල්ල කැඳවා සාකච්ඡාකිරීමෙන් පසුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ උන්නතිය උදෙසා කෝප් කමිටුව හඳුනාගත් ගැටලු සම්බන්ධයෙන් පොදුවේ ගතයුතු ක්‍රියාමාර්ග හා නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කෝප් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, රැහුණු විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය වසරේ කෝප් කමිටුව හමුවට කැඳවා විමර්ශනය කර ඇත. එම තොරතුරුද ඇතුළත්ව අනිකුත් විශ්වවිද්‍යාලද කෝප් කමිටුව හමුවට කැදවීමටත්, විශේෂ වාර්තාවක් ඉදිරිපත්කිරීමටත් නියමිතව ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...