විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොනරාගලින් හමුවෙයි
- 2017-02-02 15:31:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙතෙක් දිවයිනෙන් හමු වී ඇති විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොනරාගල කිවුලේයාය, වෙට්ටඹුගල ප්‍රදේශයෙන් හමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02දා) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙහිදී ප්‍රාථමික ලෙන් සිතුවම් ගණයට අයත් සිතුවම් 200 – 300 ක පමණ එකතුවක් හමු වී තිබේ.
මෙම ලෙන දිගින් මීටර් 75 ක් පමණ වන බවත් උස මීටර් 20 ක් පමණ බවත් එහි කටාරමට යටින් ක්‍රි.පූ. 3-2 සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවට අයත් ලෙන් ලිපියක්ද හමු වී ඇත.
එසේම ලෙනට ඉහළින් ඇති පර්වතයේ ශිලා ලිපි දෙකක් ද දක්නට ලැබෙන බවත් එම ලේඛන සියල්ල අනුව ශුමන පර්වතය නමින් හඳුන්වා ඇති මෙම ලෙන දේවානම් පියතිස්ස රජ සමයේ දී රුහුණට පලා ගිය මහානාග රජුගේ පාලන කාලයට අයත් බවට සොයාගෙන ඇත.
මෙම ලෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එකල පූජා කරන ලද බවත් අනාවරණය වී ඇතැයි පුරාවිද්‍යාඥයන් පවසන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ලෙනෙහි මීටර් 60 ක් දිගින් හා මීටර් 03 ක් උසින් යුතු ප්‍රදේශයක ඇඳ ඇති සිතුවම් අතර මානව රූප, සත්ත්ව රූප සහ සංකේත රූප ද විවිධ සංකේතද දක්නට ඇති බවත් ඒවා ප්‍රාග් ඓතිහාසික අවධියේ හෝ ඓතිහාසික අවධියේ ප්‍රාථමික ජනයා අභිචාරාත්මක අරමුණකින් චිත්‍රණය කරන්නට ඇති බව පුරා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
මීට ප්‍රථම ප්‍රාථමික යුගයට අයත් ගුහා සිතුවම් තන්තිරිමලය, බිල්ලෑව, රජගල, ගොනාගොල්ල ආදී ප්‍රදේශවලින් ද විශාල ප්‍රමාණයෙන් හමුවී තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments