Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල්වල මානව සම්පත් ප්‍රවර්ධනය සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ විදුහල්පතිවරුන්ට ඒ වෙනුවෙන් වන චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා විෂයමාලා යාවත්කාලීන කිරීම සම්බන්ධව ද මෙහිදී අදහස් දැක්විය.

“ජාතික අධ්‍යාපන ආයතනයට අපි දැන් කියලා තියෙනවා ඔක්කොම විෂය මාලා වෙනස් කරන්න කියලා. ඇයි කරන්න බැරි, කරන්න බැරි මේ එක එක ගුරු කුල හදාගෙන සමහර අය ඒකේ අයිතිකාරයෝ වෙලා. සමහර අය වෙනස් කරන්න කැමති නෑ. යාවත්කාලීන කළොත් ටියුෂන් පංතියට වදිනවා. අනෙක් පැත්තෙන් ගුරුවරු කැමති නෑ අලුත් දේවල් අරගෙන ආපහු හදාරන්න ඕන. හැමදාම ඉගෙන ගත්ත දේම දෙන්න තමයි ඒගොල්ලො කැමති. වෙනස්කම් වලට කැමති නෑ. ඊට පස්සේ රටේ මතයක් හදනවා. මාධ්‍ය වලට දෙනවා. ඉතින් මේවා වෙනස් කරන ඒක ලේසි නෑ. හැබැයි අපි වෙනස් කළ යුතුව තිබෙනවා. එහෙම නැත්තම් අපි ඉස්සරහට යන්නේ නැහැ. සමහර විෂයන් යල්පැන ගිහිල්ලා තියෙනවා. වසරක් තුළ ආවරණය කරන්න බැරි විෂය පථයක් තියෙනවා.

ඒවා අයින් කරන්න ගියත් ප්‍රශ්න. ඊට පස්සේ ඒවා අලුත් කරන්න ගියත් ප්‍රශ්න. මේ අමාරු කාර්යභාරයක් අපි කරගෙන යන්නේ. විද්‍යා පීඨවලටත් අපි තීරණය කරලා තියෙනවා ඒ වෙනස්කම් ටික කරන්න. විද්‍යා පීඨ වල තියෙන පාඨමාලාවන් දැන් යල් පැන ගිහිල්ලා වැඩියි. ඒ වගේම දැන් ඉංග්‍රීසි ගුරුවරු සීයක් අපි යවනවා එංගලන්තයේ. විශාල මුදලක් වියදම් කරලා අවුරුද්දක ඩිප්ලෝමාවක් දෙන්න. ඒ ගොල්ලෝ ගෙනල්ලා කෙළින්ම විද්‍යා පීඨ වල ගුරුවරුන් පුහුණු කරන්ඩ දානවා. අපිට උවමනාව තියෙන්නේ සංදර්ශන දදා ඉන්න නෙමේ. මේ වැඩේ හරියට කරන්න."

වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ පාසලේ සංවර්ධනය වෙනුවෙන් විදුහල්පතිවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් සකස්කිරීමට 2015 වසරේ සිට කටයුතු කළ බවත් ඒ අනුව මෙම මුල්‍ය ප්‍රදානය ද සිදු කරන බවයි. මානව සම්පත් සංවර්ධනය සඳහා පුහුණුව අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන සේවකයින්ට ද පුහුණුව ලබා දීම අත්‍යවශ්‍ය බව ද අවධාරණ කළේය.

පාසල් පාදකව මානව සම්පත් ප්‍රවර්ධන සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමත් පාසලේ සමස්ත ගුණාත්මක සංවර්ධනය සඳහා පාසල සතු මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිව යොදාගැනීම පිණිස අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ලබාදීමත් අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වල මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දී තිබේ. ඒ සඳහා ඇති ඇති උපදෙස් මාලාව අනුව විදුහල්පතිවරුන් විසින් සකස්කර අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ව්‍යාපෘති වාර්තා අනුව අදාළ වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් විදුහල්පතිවරුන් වෙත මෙම ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරේ.

මෙහිදී පාසල්වල මානව සම්පත් ප්‍රවර්ධනය සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ ජාතික පාසල් වෙත චෙක්පත් ප්‍රදානය අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.