ශ්‍රි ලංකාවේ බෞද්ධ සංචාරක සමුළුව හෙට
- 2018-10-01 15:42:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි ලංකාවේ බෞද්ධ ස්ථාන හා බෞද්ධ සංස්කෘතියට හානියක් නොවන අයුරින් අප රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා ප්‍රථම වරට පැවැත්වෙන බෞද්ධ සංචාරක සමුළුව හා
ජාත්‍යන්තර බෞද්ධ සංචාරක මධ්‍යස්ථානය ඔක්තොබර් මස 02 වන දින කුරුණෑගල රිදි විහාරයේ දි ආරම්භ වෙයි. මේ පිළිබඳව දැනුම්වත් කිරීමට අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් පැවැත්විණි. කොළඔ විශ්ව විද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආදි විද්‍යාර්ථින් විසින් සංවිධානය කරන මෙහි තේමාව වන්නේ ,"මධ්‍යම ප්‍රතිපදාව හා සරල දිවිපැවැත්මක් තුළින් වගකිම් සහිත ආගමික සංචාරක සංවර්ධනයක් "යන්නයි.
මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් කාම්බෝජයා සංචාරක ඇමති ආචාර්ය Thong Khon මහතා සහ සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණි
ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මිට සහභාගි විමට නියමිතය.
ඉන්දියාව,බංග්ලාදේශය,ජපානය,කොරියාව,චිනය,ඉන්දුනීසියාව,ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නේපාලය, කාම්බෝජය, තායිලන්තය වැනි රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් හා විශරදයින් මෙම සමුළුවට සහභාගි විමට නියමිත බව අද(01) පැවැති මාධ්‍ය හමුවේ දි අනාවරණය විය.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය එක්ස්ත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේ පත් කල සභාපති Audrey Kitagawa මහත්මිය විසින් පවත් වනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments