Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ වියළි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක්  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුන්වා හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුණකොළපැලැස්ස එරමිණියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇත.

GAC Fruit වශයෙන් හඳුන්වන මෙම පලතුරු විශේෂය කැරට්වලට වඩා දස ගුණයකින් කැරටිනොයිඩ්ස් හා විටමින් ඒ අඩංගු වන බව කෘෂි විශේෂඥයන් පවසයි. ගැක් පෘට් ලෙස හඳුන්වන මෙම පලතුරු විශේෂය Sweet Gourd- Momordica Cochinchinensis නමැති උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි.

මෙම පලතුරු විශේෂයේ ඇති සුවිශේෂත්වය වන්නේ ළපටි ඵල එළවළුවක් වශයෙනුත්, ඉඳුණු ඵල පලතුරක් වශයෙන්ද, මෙම පලතුරෙහි පත්‍ර කොළ එළවළුවක් ලෙසත් භාවිත කළ හැකිවීමයි.

එමෙන්ම මෙම පලතුර භාවිත කරමින් විවිධ ආහාර හා පානවර්ග සකස් කර ගත හැකිවේ. විශේෂයෙන් Dry Arill, තෙල්, පලතුරු යුෂ, ජෑම් හා විටමින් සහිත කැප්සුල් වශයෙන්ද සකස් කර භාවිත කළ හැකිය.

ගැක් පලතුරෙහි ඇති වැදගත්කම අතර කැරටිනොයිඩ්ස් වැඩිම ප්‍රතිශතයක් අන්තර්ගතවීම මෙන්ම, ප්‍රෝ විටමින් ඒ, බීටා කැරටින්, ලයිකොපේන් වැනි මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් මෙම පලතුරෙහි අන්තර්ගත වේ;

ශ්‍රී ලංකාවේ ගොවීන්ට අමතර ඉහළ ආදායමක් ලබා ගත හැකි මෙම පලතුර සෑම ගෙවත්තකම වගා කළ හැකි වැල් වශයෙන් වැවෙන දැකුම්කලු භෝගයකි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.