Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.

ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් වැයකර ඒම ඉලක්කය පසුකර යෑමට සමත්විය.

අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත සබඳතාවක් පැවැත්වීමට කුසල් පෙරේරා (153*) හා විශ්ව ප්‍රනාන්දු (7*) සමත්වූහ.

ඔවුන්දෙදෙනා ලකුණු 78ක සබඳතාවක් පැවැත්වීමට සමත්වු අතර එය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුනු හඹා යෑමකදී  අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.

ලකුණු 301 ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 110ක් රැස්කරගෙන අසීරු අවස්ථාවක සිටියේය. කෙසේ වෙතත් ධනංජය සිල්වා (48) හා කුසල් පෙරේරා එක්ව හය වැනි කඩුල්ල ලකුණු 96ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ.

නමුත් ලකුණු 206දී දික්වැල්ල දැවී යාමත් සමග තවත් ලකුණු 20ක් එකතුවන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු තුනක් දැවී ගියේය. නමුත් අවසන් පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු සමග එකව තරගය ඉදිරියට ගෙන යෑමට කුසල් පෙරේරා සමත්විය.

මෙම තරගය දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකයා ලෙස ශ්‍රී ලංකාව මෙහෙයවූ පළමු තරගය වෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.