Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාඩිෆ්හිදී අද (4 වැනිදා) පැවැති තරගය ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු දෙනා දැවි ලකුණු 201ක් රැස්කළේය. කුසල් පෙරේරා ලකුණු 78ක් රැස්කිරිමට සමත්විය. දිමුත් ලකුණු 30ක් හා තිරිමාන්න ලකුණු 25ක් රැස්කළ අතර ඉතිරි පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය. පළමු තරගයේදි මෙන්ම මෙම තරගයේදීත් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයෝ අසාර්ථක වූහ.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 41කදී ලකුණු 187ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් ණුවන් ප්‍රදීප් 31/4, ලසිත් මාලිංග 39/3 පන්දුවෙන් දක්ෂතා දක්වමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ. තරගයේ වීරයා ලෙස ණුවන් ප්‍රදිප් සම්මාන ලැබිය.

   සබැඳි පුවත්....

 අපි ඔක්කොම ගස් - රසල්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ "හරි අපි ඔක්කොම ගස්" යනුවෙනි.

 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු  182ක් රැස්කරගෙන සිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා සමත්වුවත් සෙසු පිතිකරුවන් එම ආරම්භය ඉදිරියට රැගෙන යාමට අසමත්විය.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලකුණු 92දී, දෙවැනි කඩුල්ල ලකුණු 144දීත් බිඳ වැටුණි.  ඉන් අනතුරුව තවත් ලකුණු 36ක් තුළ කඩුලු 6ක් බිඳ වැටුණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.