ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක් තරගයේ වීරයා මාලිංග
- 2019-06-21 23:04:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. එංගලන්ත පිල ඕවර 47 කදී ලකුණු 212 කට දැවී ගියේය.
තරගයේ වීරයා ලසිත් මාලිංග. මෙම තරගයේදී දවාගත් කඩුලු 4 ත් සමග මාලිංග ලෝක කුසලාන තරග වලදී දවාගත් කඩුලු සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගියේය. එවන් දස්කමක් කළ සිවුවැනි පන්දු යවන්නා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයා බවටද මාලිංග පත් විය.
Pic Courtesy criinfo
Reply To:
Name - Reply Comment
0 Comments