ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඇනකොන්ඩාවන්
- 2018-05-02 15:56:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටි ඇනකොන්ඩාවෙන් දෙදෙනෙක් ඉන්දියාවේ මයිසූර්හි චාමරාජේන්ද්‍ර සත්ත්වෝදන්‍යයට ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගැහැනු හා පිරිමි කොළ ඇනකොන්ඩාවන් දෙදෙනෙක් මෙසේ ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදී ඇත. පසුගිය 28දා මෙම සත්ත්වයන් දෙදෙනා බැංගලෝර් වෙත ගෙන යෑමෙන් අනතුරුව 29 දා මයිසූර්වෙත ගෙන ගොස් ඇත.
අඩි 6-8ක දිගකින් යුත් මෙම එක් ඇනකොන්ඩාවෙකුගේ බර කිලෝග්‍රෑම් 15ක් පමණ බව චාමරාජේන්ද්‍ර සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ සී. රවිශංකර් මහතා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවෙන් ඇනකොන්ඩාවන් හය දෙනෙක් මයිසූර්වෙත ලබදීමට නියමිතය.
ඒ සඳහා ඉන්දියාවේ බ්ලැක් බක්ස් ( black bucks) හා නිල්ගයි (Nilgai/ blue bull) සත්ත්වයන් 4 බැගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. මෙම සත්ත්ව කාණ්ඩ දෙක මුවන් විශේෂ දෙකකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
බ්ලැක් බක්ස්
නිල්ගයි
Reply To:
Name - Reply Comment
0 Comments