Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද භාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව මිණුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා කියා සිටී. එසේම එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකි බවද හෙතෙම කියා සිටී. මෙම නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර දෙකකින් පමණ වැඩි වී ඇති බව උදයකාන්ත මහතා සඳහන් කළේය. රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද ශ්රීත ලංකාවේ නවතම සිතියම අද (31) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත බාර දීම ද මිනුම්පති ජනරාල් විසින් සිදු කරන ලදී.

කොළඹ අලූතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා  ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 2කින් වැඩි වී ඇති අතර එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබේ.
නව ලංකා සිතියමේ 1:50000 පරිමාණයේ මුද්‍රිත පිටපත් ලබන මාසයේ මැද වනවිට ජනතාවට මිලදී ගත හැකි බව ද මිනුම්පති කියා සිටියේය.

( තිළිණි ද සිල්වා) 

නව ලංකා සිතියම හෙට එළිදැක්වෙයි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.