Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වශයෙන් හපුතලේ කහත්තේවෙළ ගම්මානය සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම කෘෂි ආදර්ශ ගම්මාන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර  මෙම ගම්මානයේ මුළික කෘෂිසංවර්ධන කටයුතු සඳහා වැය කෙරෙන මුදල රු. මි. 80කි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල ව මෙම ගම්මානයේ වෙසෙන පවුල් 164කගේ ජීවනෝපාය  සංවර්ධනය සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පළතුරු හා එළවළු වගාව, මීමැසි පාලනය, මල් වගාව මෙන්ම අපනයනය ඉළක්ක කර ගනිමින් සිදු කෙරෙන වගාවන්, විශේෂයෙන් Poly tunnel භාවිත කරමින් හරිතාගාර තුළ බෝග වගා කිරීම වැනි ව්‍යාපෘති ද , වනසතුන් හා වෙනත් වගාවන්ට හානි කරවන සතුන්  හා කෘමින්ගෙන් බෝග ආරක්ෂා කර ගැනීම සඳහා ජෛව තාක්ෂණය භාවිත කිරීම මෙන්ම වසවිසෙන් තොර කාබනික වගාව මගින් අස්වනු වැඩි කර ගැනීම වැනි නව කෘෂිකාර්මික ප්‍ර වේශයන් හඳුන්වා දීම ද මෙම ගම්මානය තුළ සිදු කෙරේ. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගොවි ජනතාවට ආදර්ශයක් මෙන්ම නව අත්දැකීම් ලබා දීමේ අරමුණින් කහත්තේවෙළ ගම්මානය කෘෂි ආදර්ශ ගම්මානයක් වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත. (රජයේ නිල පුවත් සේවය)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.