Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආර්ථික බුද්ධි ඒකකය (EIU) විසින් වාර්ෂිකව ගණනය කරන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ප්‍රගතියක් ලබාගෙන තිබේ.

ලෝකයේ රටවල් 167ක දත්ත පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කර තිබේ.

2018 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 71 වැනි ස්ථානයේ පසුවූ අතර 2017දී 62 වැනි ස්ථානයේ පසුවිය. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් පහළ හෙළීමට එය ගණනය කරන ආර්ථික බුද්ධි ඒකකය කටයුතු කළේය.

2019 වසර සමස්තයක් ලෙස ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක වසරක් බව ආර්ථික බුද්දි ඒකකය පෙන්වා දෙයි.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 10 (01 නෝර්වේ, 02 අයිසලන්තය, 03 ස්වීඩනය, 04 නවසීලන්තය, 05 ෆින්ලන්තය, 06 අයර්ලන්තය, 07 ඩෙන්මාර්ර්කය, 08 කැනඩාව, 09 ඔස්ට්‍රේලියාව, 10 ස්විට්සර්ලන්තය)

ප්‍රජාතන්ත්‍රවාදයෙන් දුර්වලම රටවල් 10 (167 උතුරු කොරියාව, 166 කොංගෝ, 165 මධ්‍යම අප්‍රිකා ජනරජය, 164 සිරියාව, 163 චැඩ්, 162 ටර්කිමෙනිස්තානය, 161 ගිනියාව, 160 තජිකිස්තානය, 159 සෞදි අරාබිය, 158 යෙමනය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.